Sep 15, 2020

දිගටම කැළෑ කැපුවොත් වෙන දේ ගැන ආදිවාසී නායකයා කියයි

ශ්‍රී ලංකාවේ වන විනාශය දිගින්දිගටම සිදුවුවහොත්, ඇමෙරිකාවේ හා චීනයේ Covid-19 රෝගයෙන් මියගිය සංඛ්‍යාවට වඩා ජීවිත හානි මෙරට සිදුවනු ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසූහ.

ගස් කැපීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට දැව ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට ගැනීම පමණක් සිදුකිරීම පිළිබඳව ඔහු විසින් බලධාරීන්ව විවේචනයට ලක්කර තිබේ.

“එක් අත්අඩංගුවට ගැනීමකින් නොනැවතී මීට සම්බන්ධ සියලුමදෙනා අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කළ යුතුයි," යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

(මූලාශ්‍රය : නිවුස් ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top