Sep 15, 2020

රටින් ගෙන්වන ගුවන් යානා එකකට සීමා කරයි

විදේශයන්ගෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතරින් සැළකිය යුතු පිරිසකට නව කොරෝනාවෛරසය වැළඳී තිබීම හමුවේ දිනකට එක් ගුවන් යානයක් පමණක් ගෙන්වා ගැනීමට සිදුව ඇතැයි Covid-19  ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පනාගොඩ යුධ හමුදා කඳවුරේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මේ බව විදේශයන්හි සිටින ලාංකිකයන්ටද මෙම තීරණය දැනුම්දීමට පියවර ගෙන ඇති බවයි.

Covid-19 සමාජය තුළ පැතිරී යාම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ඔහු සහතික විය.

කෙසේවෙතත්, Covid-19 අවදානම සම්බන්ධයෙන් මෙරට ජනතාව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොමැති බවද යුධ හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top