Sep 16, 2020

හන්තාන එළි කිරීමේ පැමිණිල්ලට රාජ්‍ය ආයතන 6ක් පොලිසියට Featured

හන්තාන කඳුවැටියේ අඩි තුන්දහසකට ඉහළ අක්කර අටක භූමි ප‍්‍රමාණයක් එළි පෙහෙළි කිරීමට එරෙහිව හන්තාන සුරැකීමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධි පැමිණිලි අංශයට පැමිණිල්ලක් කොට තිබේ.

එම පැමිණිල්ල මත බී වාර්තාවක් ගොනු කළ මහනුවර පොලිසිය රාජ්‍ය ආයතන හයක් කැඳවා ප‍්‍රශ්න කිරීමට මහනුවර මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. 

එහිදී ලද නියෝග මත ගඟවට ප‍්‍රාදේශීය ලේකම්, සත්ත්ව වනසංරක්ෂණ හා වෘක්ෂලතා අධිකාරිය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, අඩවි වන නිලධාරි කාර්යාලය, පතල් හා කැණිම් දෙපාර්තමේන්තුව සහ රූපා ගුණතිලක නමැත්තිය ද කැදවීමට පොලිසිය කටයුතු කර තිබේ.

 මෙම ඉඩම පිහිටා ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අයත් බව කියන අක්කර අටක ඉඩමට මායිම්වය. කිරිඇල්ල මහතා පවසන පරිදි ඔහු එම ඉඩම එක්දහස් නවසිය අනූවේදී අන්දිරිස් ජයසිංහ නමැත්තකුගෙන් අත්පිට මුදලට සින්නක්කරව ගෙන තිබේ.

පසුගිය 2017 සහ 2018 වසරවලදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් කිරිඇල්ල මහතාට අයත් බව කියන ඉඩම සුද්ද පවිත‍්‍ර කර ඇති අතර එම අවස්ථාවන්හිදි හන්තාන සුරැකීමේ සංවිධානය ප‍්‍රශ්න කිරීමේදී ඉඩම රූපා ගුණතිලක නමැත්තියකට අයත් බව එවකට මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

හන්තානේ ඉඩම් කට්ටි කරයි, පර්චසය ලක්‍ෂ 03යි - හන්තාන වැනසුවාට මන්ත්‍රී දුවට නඩු

දෙමසක් තුළ දිනකට අක්කර 03ක කැලෑ විනාශයක්

හන්තාන කඳුවැටිය හෙළි කිරීම ගැන පිරිසකට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

විපක්ෂයේ ප්‍රබලයෙක් එනසාල් වවන්න හන්තාන කන්ද කපයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top