Sep 16, 2020

පොලිසියේ දුර්වලකමින් මහා පරිමාණ කුඩු ජාවාරම්කරු නිදොස් කොට නිදහස් වෙයි Featured

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කනගාටුදායක තත්වයක් බවද කුඩු ග්‍රෑම් 198ක් ළඟ තබාගෙන සිටියදී කොළඹ පුරහල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කරන බවද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඊයේ (15) සඳහන් කළේය.

පැමිණිල්ලේ සාක්කි පරස්පරවීම හා වැටලීම කළ නිලධාරීන්ගේ සටහන්වල ඇති දුර්වලතා හේතුවෙන් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීන්දු කර ඔහු නිදහස් කරමින් විනිසුරුවරයා එලෙස සඳහන් කර සිටියේය.

2012 සැප්තැම්බර් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ පුරහල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 198.19 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නඟා ගොනු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කොළඹ පුරහල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මෙම විත්තිකරු හෙරොයින් තොගයක් ද සමඟ අල්ලා ගත් බව හෙළිවූ අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලදී වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සාක්කි පරස්පර බව මෙන්ම මෙම වැටලීම සම්බන්ධයෙන් ඔවුන් තබන ලද සටහන්වල දුර්වලතාවයන් ඇති බවද හෙළි විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top