Sep 16, 2020

ගුවන්තොටුපල විවෘත කිරීම ගැන ඇමති කියයි

සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපලවිවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේය  

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ඇතුළු වීමට උත්සහ දරන පුද්ගලයින් පිළිබඳ නාවික හමුදාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය. 

"අපිට රට තුළ සිටින ජනතාව අනතුරේ දාන්න බෑ. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොගෙන්වා ඉන්නත් බෑ. අපි මේ සියල්ල මනා පාලනයකින් යුතුවයි කරගෙන යන්නේ. කිසිම හේතුවක් නිසා කොවිඩ් 19 වසංගතයට රටට ඇතුළුවීමට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපිට මේ සියල්ල දැඩි ලෙස පාලනය කරන්න සිදු ව තිබෙනවා.කැබිනට් මණ්ඩලයට අපි ගුවන්තොටුපල විවෘත කිරීම පිළිබද නිර්දේශ ඉදිරිපත් කළා. මත්තලත්, කටුනායකත් ඒ අනුව විවෘත කරන්න අපි ලෑස්තියි. ඒ නිර්දේශ සදහා සෞඛ්‍ය අංශ අනුමැතිය අපි බලාපොරොත්තු වෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top