Sep 16, 2020

ෂිවාජිලිංගම්ට ඇප Featured

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ෂිවාජිලිංගම් මහතා රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.

මියගිය එල්.ටි.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් යන අයගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කර තිබු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් කෝපායි පොලීසිය විසින් ඊයේ (15) තවත් පුද්ගලයෙක් සමග ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම නඩුව සැප්තැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top