Pasidol
Sathosa Ad Final Sinhala
Feb 18, 2017

කොළඹට දෙන 'ටැප් වතුර' ගැන සැකයක් !

කොළඹට සහ තවත් ප්‍රදේශ කිහිපයකට සැපයෙන නල ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැඩවර්ජනයක නිරත සේවකයින් සැක පළ කරයි.

මෙලෙස වැඩවර්ජනයේ නිරත වන්නේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමයයි.

මෙම වැඩවර්ජනය නිසා ඇතැම් අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සිදු කිරීමට නොහැකි වී ඇතැයි ද, මේ නිසා නල ජලයේ ගුණාත්මකභාවය අවම වී ඇතැයි ද ඔවුන් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ කොළඹට හෝ වෙනත් කිසිදු ප්‍රදේශයකට සැපයෙන ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි.

වැඩවර්ජනයක නිරත සේවකයින්ගේ ගැටළු කෙරෙහි දැනටමත් අවධානය යොමුව ඇතැයි ද අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මෙහිදී කියා සිටියේය.

(නෙත් නිව්ස්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top