Feb 18, 2017

''මම ඉන්නේ හරිම කලකිරීමකින්'' - ගෝඨා

වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් තමාගෙන් පලිගැනීම් නිසා දැඩි කළකිරීමට පත්ව සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණ ඊයේ (17) ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මීළග ජනාධිපතිවරණට එන්නේද කියා තමන්ගේ අදහසක් නැති බවද ඔහු කියා සිටියේය.

අනුරාධපුර සඳහිරු සෑයේ ධාතු තැන්පත් කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් ඊයේ (17 ) ප්‍රශ්න කළේය.


පවුලේ අයගේ කෙනෙහිලි :


ගෝඨාභය රාජපක්‌ෂ මහතා කනස්සල්ලෙන් පසුවීම ගැන ඔහුගේ සමීපතම හිතවතකුගෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසුයේ, වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් ගෙන් මෙන්ම රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයින් ගෙන් ද සිදුවන කෙනෙහිලිකම් පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලවත් සේ කම්පාවට පත්ව සිටින බවයි.

සබැඳි පුවත් :

මහින්ද ගෙන් ගෝඨාට කැපිල්ලක් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top