Sep 19, 2020

වවුනියාවෙන් හමුවූයේ ප්ලාස්ටික් බිත්තර බව තවමත් තහවුරු වී නෑලූ   Featured

වවුනියාව නගරයේ හෝටලයකින් ප්ලාස්ටික් බිත්තර යැයි පවසන බිත්තර වර්ගයක් හමු වූ බවට මාධ්‍ය මගින් මගින් පළවූ වාර්තා සත්‍ය නොවන බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අනාවරණය කරයි.

පසුගිය (10) වැනිදා වවුනියාව නගරයේ හෝටලයකින් ප්ලාස්ටික් බිත්තර හමුවීමක් සම්බන්ධයෙන් සමාජයේ විවිධ කථාබහ නිර්මාණය වී තිබිණි.  

ඝන තත්ත්වයේ පැවති බිත්තර විශේෂයක් ආහාරවලට යොදා ඇති බවට පරීක්ෂා කිරීමක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ඔවුන් සඳහන් කර සිටියි.

අදාළ බිත්තර ප්ලාස්ටික් බිත්තර දැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් කළ හැකි බවද ඔවුන් සඳහන් කරයි.

බිත්තර තම්බා දින ගණනාවක් පවතින අවස්ථාවක බිත්තර මදය හා පිටත සුදු මදය ඝන තත්ත්වයකට පත්වන අතර අදාළ ආහාර තුළ ද එවැනි බිත්තරයක් තිබෙන්නට ඇති බවට සැක කරන බව වවුනියාව නගරයේ හෝටල් හිමියන් පිරිසක් පැවසුවේය.  

සබැඳි පුවත්

ප්ලාස්ටික් බිත්තර කන්න දුන් හෝටල් හිමියාට වැඩ වරදියි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top