Sep 19, 2020

ට්‍රැක්ටර් ලියාපදිංචිය වැඩිවෙයි - වාහන අඩුවෙයි Featured

අගෝස්තු මාසයේ මෙරට වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස සියයට 45 කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

අගෝස්තු මාසයේදී වාහන 17,493 ක් ලියාපදිංචි කර ඇති අතර, යතුරුපැදි 13,794 ක් සහ ත්‍රිරෝද රථ 206 ක් ලියාපදිංචි කර ඇති බවයි වෙළඳපොල දත්ත මගින් අනාවරණ කරයි.

එහිදී මෝටර් රථ ලියාපදිංචිය පසුගිය වසරේ අගෝස්තුවේ පැවති ඒකක 2,385 ට සාපේක්ෂව 906 දක්වා පහත වැටීම විශේෂත්වයකි.

මෝටර් රථ ආනයනයට පනවා ඇති සීමාවන් මෙම තත්වයට හේතුව ලෙස සැළකේ.

කෙසේ නමුත් විශාල ප්‍රමාණයේ ට්‍රැක්ටර් ලියාපදිංචිය, පසුගිය වසරේ වාර්තා වූ 183 ට සාපේක්ෂව 428 දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇතැයි පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top