Pasidol
Sathosa Ad Final Sinhala
Feb 18, 2017

කීත් නොයාර්ට පහරදීම : මේජර්වරයෙක් අත්අඩංගුවට

‘ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘවරයාව සිටි ප්‍රවීණ මාධ්‍යවේදී  කීත් නොයාර් මහතා 2008 වසරේදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඔහුට අමානුෂික ලෙස පහරදී අත්හැර දමා ගොස් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදාවේ මේජර්වරයකු ඇතුළු සෙබළුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද උදැසන අත්අඩංගුවට ගනු ලැබූ මේජර් බුලත්වත්ත ඇතුළු මෙම සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මෙන්ම මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමටද සමබන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අද පස්වරුවේ මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂඨ  නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

එකල මේ මාධ්‍ය දඩයම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුනේ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙතය.


කීත් නොයාර් සහ නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවලට යුද හමුදාව සම්බන්ධ බවට එල්ලවූ චෝදනා පිළිබඳව 'බීබීසී සංදේශය' කල විමසීමකදී එවකට යුධ හමුදාපතිව සිටි හිටපු සරත් ෆොන්සේකා මහතා පවසා තිබුනේ, ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි.


ඊට අදාළ පුවත මෙතනින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top