Sep 25, 2020

නිවාස සංවර්ධන නාරාහේන්පිට කාර්යාලයේ ලොකු පුටු මාරුවක්

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ කළමනාකරු සහ දේපළ කළමනාකරු වහාම නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානයට මාරුකර යවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (23) වැනිදා එම පරිශ්‍රයට හදිසියේම ගොස් කළ නිරීක්ෂණයකින් පසුව මෙම පියවර ගෙන තිබේ.

නිවාස සංවර්ධන අධිකාරියෙන් රාජකාරියක් කරගැනීමට ගිය කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයෙන් පසුව මෙම මාරුවීම් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ අතර අද (25) දිනයේ නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී අදාළ පරීක්ෂණ කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාවද සාකච්ඡාවට ගැනෙනු ඇත. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top