Sep 25, 2020

රුසියානුවාට කෝවිඩි නෑ - නිරෝධායනය නොවී සැරිසැරුවේ කෙසේදැයි සොයන්න විමර්ශන

මේ අතර හම්බන්තොට රෝහලේදී සිදුකළ පී සී ආර් පරීක්ෂණයෙන් අදාළ රුසියානු ජාතිකයාට කොරෝනාවෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

හෙට (26) දිනයේ ද ඔහු පී සී ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.

මාතරදී කොරෝනා ආසාදිත බව කී රුසියානු ජාතිකයා සහ සෙසු 15 දෙනා රැඳී සිට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය අනුමත කළ නිරෝධායන මධ්‍යස්ථානයක නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.  

නිරෝධායනයකට යොමු නොවී එම පිරිස සමාජයේ සැරිසැරැවේ කෙසේද යන්න සෙවීම සඳහා විමර්ශනයක් සිදුකරන බව එම ඒකකය පවසයි.

අදාළ පිරිස භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයට අයත් පිරිසක් වන අතර විදේශගතව සිට පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායනයකට යොමු වීම අනිවාර්ය වේ.

මෙම පිරිස නිරෝධායනය විය යුතු දින 14 ක කාලය තුළ මාතර නගරයේ ස්ථාන කිහිපයකට ගොස් තිබු අතර සුපිරි වෙළෙඳසල් කිහිපයකට ද ගොස් තිබිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top