Sep 25, 2020

රටින් හාල් ගේන තීරණයට ගොවිජන සම්මේලනයේ විරෝධය  

ලබන 2021 වසර සඳහා මේවනවිටත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 9ක අතිරික්තයක් පවතින අතර සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දැඩි විරෝධයක් පලකර‍යි.

එවැනි අතිරික්තයක් තිබියදී සහල් සංචිතයක් පවත්වාගැනීම වෙනුවෙන් බව පවසා සහල් ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ කුමන පදනමකින්දැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව නාමල් කරුනාරත්න මහතා අවධාරණය කළේය.  

අද (25) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඒ බව සඳහන් කළේය.

රටතුළ ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය මහජන බැංකුවෙන් රුපියල් කෝටි 224 ක (රුපියල් මිලියන 2,241) ණය මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

රට හාල් ටිකක් ස්ටොක් කරගන්න සතොස කෝටි 224ක ණයක් ඉල්ලයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top