Sep 26, 2020

රොහාගේ මරණයට හුරේ දැම්ම කුඩු අංජුගේ නඟා ඇතුළු 3ක් අත්අඩංගුවට

රටින් පැන යාමට සුදානමින් සිටියදී ඝාතනයට ලක්වූ පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවකු වූ ගොනා කෝවිලේ රොහාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා වන “ලංසියාගේ“ මෘතදේහය වලදැමූ දෙහිවල ගල්කිස්ස නගරසභා පොදු සුසාන භූමියේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බව ගල්කිස්ස පොලිසිය පවසයි.

ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ලංසියාගේ මෘත ශරීරය වලදමා ඇති සොහොන් කොතට ඉහළින් මල් ඉසීමට ඔවුන් සූදානමින් සිට ඇති බවද වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලංසියා නමැත්තාගේ බාල සහෝදරිය, කුඩු අංජු සමග වට්ස්ඇප් සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු සහ මල් ඉසිමට සූදානම් වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත් 

මරා දැමූ රොහාගේ අවසන් කටයුතුවලට කුඩු අංජු අනතුරු අඟවයි

රත්මලානේ රොහා පොලිස් වෙඩි පහරකින් මරු

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top