Sep 27, 2020

සමගි ජනබලවේගයේ නම වෙනස්කර නායකත්වය නායකත්ව මණ්ඩලයකට

සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ සියල්ල එක්කොට සමගි සන්ධානය නමින් අලුත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කරන බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

එය නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය කිරීමට නියමිත බවද පැවසේ.

එහෙත් නව සන්ධානයේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සිහළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ මෙහි ප්‍රධාන සාමාජික පක්ෂ වෙයි. අවශ්‍ය නම් එ.ජා.ප.යටත් මෙහි සාමාජිකත්වය ලබාගත හැකි යැයි ඔහු අවධාරණය කළේය.

ඉතා ඉක්මනි න් නව දේශපාලන සන්ධානය ස්ථාපිත කළද සමගි ජනබලවේගය එහි ප්‍රධාන සාමාජික පක්ෂය ලෙස වෙනම පවත්වාගෙන යෑමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top