Sep 27, 2020

ත්‍රී’මලේට ආ නැවක ඉන්දියානුවන් 17 කට කොරෝනා

ඉන්දියාවේ සිට ත්‍රිකුණාමල වරාය දක්වා බොර තෙල් රැගෙන ආ නෞකාවක සිටි ඉන්දිය ජාතික කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය වැලදි තිබේ.

තෙල් මෙට්‍රික් ටොන් 4000 ක් රැගෙන ඉන්දියාවේ සිට කොළඹ වරායට ගොස් ත්‍රිකුණාමල වරායට ඉකුත් 25 වැනිදා පැමිණි මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකු අසනීප වීම නිසා පී.සි.ආර්. පරික්ෂණ සිදුකර තිබුණි.

එහිදීයි මෙම පිරිසට කොවිඞ් වෛරසය ආසාධනය වී ඇති බව හෙළිවී ඇත.

අදාළ ඉන්දීය නැවියන් පිරිස ගොඩබිමට රැගෙන ඒමෙන් තොරව තවදුරටත් නෞකාවේම රඳවා තබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටී.

ඔවුන් ඉන්දියාවට පිටත් කර හරින්නේද නොඑසේනම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top