Sep 27, 2020

කුවේට් තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි!

කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එළැඹෙන ඔක්තෝබර් මස 11 වැනිදා තෙක් තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.

තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Kuwait Doc

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top