Sep 28, 2020

තෙල් නැවේ කපිතාන් රිමාන්ඩ් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි (Update)

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ගිනිගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හට විදේශ ගමන් තහනමක් අද (28) පනවා තිබේ.

මෙම නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර නුදුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා, එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ එවැනි නියෝගයක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බලයක් නොමැති බවත්, ඒ සඳහා බලය ඇත්තේ මහාධිකරණයට බවත්ය.

---------------------------------------------------

(අවසාන යාවත්කාලීන කිරීම : 2020 සැප්. 28 ප.ව. 1.47)

MT නිව් ඩයමන්ඩ් කපිතාන් රිමාන්ඞ් කරන්නැයි නීතිපති ඉල්ලයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක්වූ  MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති ඇත.

ඊට අදාල නියෝගය අද පස්වරු 2 ට ලබාදෙන බව කොළඹ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

MT නිව් ඩයමන්ඩ් කපිතාන්වරයා හට අද දිනයේදී අධිකරණයේ පෙනී සිටින මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් පසුගිය 17දා නොතීසි නිකුත් කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top