Sep 28, 2020

20A අධ්‍යයනය කරන්න ශ්‍රීලනිපයෙන් කමිටුවක්

යෝජිත 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් නම්කර තිබේ.


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ මෙම කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති කමිටුව වෙත ඉදිරියේ දී භාරදීමට නියමිත බවයි.

මෙම කමිටුවේ අනෙක් සමාජිකයින් වන්නේ : මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත, නීතිඥ සංජය ගමගේ, ආචාර්ය චමිල ලියනගේ

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top