Sep 28, 2020

බංගලාදේශ - ශ්‍රී ලංකා තරගාවලිය කල් යයි?

බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණු ටෙස්ට් තරගාවලිය කල්දමා ඇතැයි වාර්තා වේ.


නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් දෙරට අතර ක්‍රිකට් පාලක මණ්ඩල හට එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මීට හේතුවූ බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවියේ දැක්වේ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් විසින් අවධාරණය කර තිබුණේ මෙරටට පැමිණෙන බංගලාදේශ ක්‍රීඩකයන් දින 14ක නිරෝධායන කාලයකට යටත්විය යුතු බවත් එම කාලයේදී ඔවුන් සිය හෝටල් කාමර වලට සීමා වී සිටිය යුතු බවත්ය.

මෙම තරගාවලිය අවලංගු වී නැති බවත් ඉහත කරුණ හේතුවෙන් තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටීමට සිදුවූ බවත් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුස් හසන් අද දිනයේදී පැවසූ බව 'ක්‍රික්ඉන්ෆො' සඳහන් කරයි.

මෙම පළමු ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 23දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව පැවතුණි.

සබැඳි පුවත් :
නිර්දේශය ලැබුණු විගස තරඟාවලියට දින නියම කරනවා - ඈෂ්ලි
බංගලාදේශ ක්‍රීඩකයෙකට 'Covid-19 වැනි රෝග ලක්ෂණ'!
බංගලාදේශ පිලට දෙරටක බෙදුනු නිරෝධායනයක්?
බංගලාදේශ - ශ්‍රී ලංකා තරගාවලිය කොට උඩද?

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top