Sep 28, 2020

20ට එරෙහිව පෙත්සම් 39ක්

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් 21ක් ගොනු කර තිබේ.


ඒ අනුව, මේ වන විට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 39ක් ගොනු කර තිබේ.

මෙම පෙත්සම් හෙට සිට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top