Sep 29, 2020

මැන්ඩි එක්ක සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (28) රාත‍්‍රියේ කොස්ගම කලුඅග්ගල ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබුණි.

එහිදී හංවැල්ල සිට ලබුගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කර නීති විරෝධි මෑන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653යි මිලිග්‍රෑම් 380ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.  

අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය, මෝටර් රථයක් සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 5 ක් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top