Sep 29, 2020

මංතීරු නීතිය : රියැදුරන්ට පන්ති ඉවරයි - දඩය 2000යි

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියැදුරන්ට ඊයේ (28) වැනිදා සිට රුපියල් 2,000ක දඩ මුදලක් පනවන බව රථ වාහන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.

නඩු පැවැරීම වෙනුවට මෙසේ දඩ මුදලක් නියම කරන බවද මංතීරු නීතිය උල්ලංඝනය කරන රියැදුරන්ට තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මංතීරු නීතිය කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග හතරක ක්‍රියාත්මක වන අතර ඉකුත් සතිය තුළදී මංතීරු නීතිය උල්ලංඝනය කළ රියැදුරන් 1,200ක් පමණ සති අන්තයේ පැවැති පොලිස් උපදේශන සේවාවලට කැඳවූ බවද හෙතෙම කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top