Sep 29, 2020

ගව ඝාතනය තහනම් යෝජනාව කැබිනට්ටුවට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගව ඝාතනය තහනම් කිරිම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

මෙම ගව ඝාතන තහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලදී බලාත්මක කිරිමට නියමිත පනත් දෙකක් ඇති බවත් එය ඉටු කිරිමෙන් අනතුරුව මෙම නීතිය බලාත්මක කෙරෙන බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එමෙන්ම ගව මස් පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනය කිරීම සහ සහන මිලකට ලබාදීම සඳහා නොපමාව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

එමෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්වයන්ට පත්වන ගවයන් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top