Sep 29, 2020

මහනුවර ගිලා බැස්ස නිවසේ හිමිකරු අත්අඩංගුවට

ගිලා බැසීමට ලක්වූ මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (29) පෙරවරුවේ ඔහු පොලීසිය වෙත කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවද අනුර ලෙව්කේ මහතා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බවද පොලාසිය පවසයි.

පසුගිය දා මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි අදාළ පස් මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරෙන් යාබද නිවසේ කුඩා බිළිඳියක සහ ඇගේ මා පිය දෙපළ ජීවිතක්ෂයට පත්වූහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top