Sep 29, 2020

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමට කැබිනට් අනුමැතිය

ජපාන ජාත්‍යන්තර සහයෝගීත් ආයතනයේ අරමුදල් යටතේ ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය (LRT) අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සිදුවිය හැකි පරිසර විනාශය, මූලික සැලසුම් වෙනස් කිරීම, විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමට සිදුවීම, විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම ව්‍යාපෘතිය අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top