Sep 29, 2020

කලු සල්ලි සුදු කරන බැංකු නිලධාරීන්ට නීතිමය පියවර

කලු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

කුඩු ජාවාරම්වලට අදාළව පසුගිය වසර දෙකට රුපියල් ලක්ෂ 4800ක මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් සොයාගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කුඩු ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණනක් සංසරණය වීමේ සිද්ධීන් හෙළිවීමත් සමග සියලුම බැංකු ප්‍රධානීන් ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවීමටද ආරක්ෂක ලේකම්වරයා පියවර ගෙන ඇත.

මෙවැනි සිද්ධීන් මගින් බැංකුවල කීර්තිනාමයට හානි කර නොගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා බැංකු නිලධාරීන්ට දන්වා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top