Sep 29, 2020

ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් කරන්න යයි Featured

බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 වසරේදි පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවර කාර්යාලයේ අද (29) පැවති නිලධාරි හමුවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියේය.

ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ආරාධනාවකට පැමිණි අමාත්‍යාවරයා එම ප්‍රදේශයේ සංචාරය කර පාලම සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් ලෙස එය ජාතික උරුමයක් බවට පත්කිරීමට කටයුතු කර තිබේ.

1921 වසරේදි උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග ඉදිකළ පාලම අඩි 300ක් දිග,අඩි 25ක් පළල,අඩි 80ක් උසට ඉදිකළ පාලම ගල්,ගඩොල් හා සිමෙන්ති වලින් නිර්මාණය කර තිබේ. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top