Sep 29, 2020

Moody’s රුපියල බාල්දු කළාට මුදල් අමාත්‍යංශය කනගාටුවෙන්

මූඩිස් (Moody’s) අයෝජන සේවාව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව B2 ශ්‍රේණියේ සිට Caa1 දක්වා මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමා ඇත.

අයවැය හිඟය, මන්දගාමී ප්‍රතිසංස්කරණ හා දුර්වල ආයතතිනක ක්‍රියාකාරිත්වය යන සාධක අනුව මෙසේ ඔවුන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිත කිරීම පහත දමා තිබේ.

මෙම ශ්‍රේණගත කිරීම අනුව ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඉතාමත් ඉහළ ණය අවධානමකට ලක්ව ඇති බවයි.

ශ්‍රී ලංකාවට අමතරව ඇංගෝලාව, කොංගෝව, ගැබොන්, ඉරාකය, මාලි හා බාබඩෝස් වැනි රටවල් මෙම කාණ්ඩයට අයත් වෙයි.

කෙසේ වෙතත් මූඩි ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඔවුන් එසේ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත දැමීම කනගාටුවට පත්වන බවයි.

Covid-19 වසංගතයත් සමග ශ්‍රී ලංකාව වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බවත් අයවැය හිඟය ක්‍රමානුකූලව පියවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

එසේම අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බවත් ඇඟළුම් අපනයන Covid-19 තත්ත්වයට පෙර පැවැති තත්ත්වයට පැමිණ ඇති බවත් මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

(අද)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top