Sep 30, 2020

නීතීඥයෙක් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් පොලීසි ගෙනයයි!

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී උපන්දින සාදයක් පැවැත්වූ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට විරුද්ධව නීතිඥවරයකු විසින් ඊයේ (29) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

උත්සව අවස්ථාවකදී ගුවන් හමුදා ලාංඡන සහිතව හැඳ සිටි එම ඇඳුම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස නීතිඥවරයා සිය පැමිණිල්ලේන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

චන්දිමාල්ගේ උපන්දින උත්සවයට සභභාගිවූවන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, කොළඹ පුරපතිනී රෝසි සේනානායක මෙන්ම ජනප්‍රිය බෞද්ධ වැඩසටහනක් මෙහෙයවන හරීන්ද්‍ර ජයලාල් මහතා පවා එක්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Chandimal 005Chandimal 001Chandimal 002Chandimal 004Chandimal 003

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top