Sep 30, 2020

ගිනිගත් නැවේ තෙල් කාන්දුවෙන් කැස්බෑවුන්ට බලපෑම් Featured

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් ඒ ආශ්‍රීත මුහුදු කලාපයේ කැස්බෑවුන්ට යම් බලපෑමක් එල්ල වී ඇති බව නාරා ආයතනය පවසයි.

එම සත්ත්වයින්ගේ හැසිරීම් රටාවේ වෙනසක් නිරීක්ෂණය කිරීමට තම කණ්ඩායම්වලට අවස්ථාව ලැබී ඇති බව එම ආයතනය සඳහන් කළේය. 

ඒ අනුව එම සත්ත්වයින්ට සහ සෙසු මුහුදු ජීවින්ට මෙම තෙල් කාන්දුවෙන් යම් බලපෑමක් එල්ල වී ඇති බවද අදාළ මුහුදු කලාපයේ ජලයේ තෙල් සාන්ද්‍රණය ද වැඩි අගයක් ගන්නා බවද  එම ආයතනය පවසයි. 

නෞකාවේ තෙල් කාන්දුවෙන් මුහුදු පැලැටී සහ ජීවින්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පුර්ණ අධ්‍යනයක් මේ වනවිට ක්‍රියාත්මක අතර අදාළ අධ්‍යනයේ වාර්තාව ඉදිරි සති දෙක තුළ නීතිපතිවරයාට යොමු කිරීමට නියමිතව ඇත.

අදාළ නැව මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගන්නා තුරු සති දෙකකට වරක් ඒ ආශ්‍රීත මුහුදු කලාපයේ තත්ත්වයන් විමර්ශනයට ලක් කෙරේ.

මේ අතර ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට මුහුදු සැතපුම් 62 ක ආසන්න මුහුදේ පවතී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top