Sep 30, 2020

ගුවන්සේවා ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනකට රැකියා අහිමි වන ලකුණු!

ගුවන්සේවා ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂ ගණනක් අවදානමට ලක්ව ඇති බව ගෝලීය කර්මාන්ත ප්‍රවාහයක් අනතුරු අඟවයි.

ලොවපුරා ගුවන්සේවා 290ක් පමණ නියෝජනය කරන අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් සිය 2020 ගමනාගමන අනාවැකි පහත හෙලා ඇති අතර, පවසා ඇත්තේ ගුවන්ගමන් 2019 දී පැවති මට්ටමට වඩා 66%කින් අඩුවන ඇති බවයි.

ගෝලීය වසංගත තත්ත්වය ආරම්භ වීමට පැවති මට්ටමට ලඟාවීමට අවම වශයෙන් වසර 2024 දක්වා කල්ගතවනු ඇති බව ඔවුන් පවසයි.

රටවල් කිහිපයකින්ම Covid-19 දෙවැනි රැල්ලක් වාර්තාවීමත් සමග මෙම ක්ෂේත්‍රය හට යළි හිස එසවීමට අපහසුවී ඇති අතර, ලොවපුරා ගුවන්යානා සමාගම්, ගුවන්තොටුපලවල් හා සංචාරක සමාගම් වල සේවකයන් දහස්ගණනකගේ රැකියා අත්හිටුවා තිබුණි.

තවදුරටත් ලොවුපුරා රජයන්ගේ සහන ක්‍රමවේද මෙන්ම විවෘත වූ දේශසීමා නොමැතිව ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයේ කටයුතු කරන ලක්ෂ ගණනකට රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව IATA ප්‍රධානියා පවසා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top