Sep 30, 2020

වන විනාශය වහාම නවත්වන ලෙස ඇමති නියෝග කරයි

ඇලහැර ගිරිතලේ අභය භූමියේ නීතීවිරෝධී වන විනාශය වහාම නවත්වන ලෙස වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා නියෝග කර තිබේ.

තම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා පැමිණ වන විනාශය සියැසින් දැක මෙම නියෝගය නිකුත් කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එන්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පවසයි.

අක්කර 150 කට අධික බිම් ප්‍රමාණයක් එලෙස නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර ඇති අතර මේ පිළිබඳව ලබන 10 වැනිදාට පෙර වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා එහිදී නියෝග කර තිබේ.

2000 වසරේදී අභය භූමියක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් මෙය වස්ගමුවේ සිට මින්නේරිය වනෝද්‍යාන දක්වා වනඅලි ගමන් ගන්නා මාර්ගයක් ද පිහිටි ප්‍රදේශයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top