Sep 30, 2020

මෛත්‍රීට එරෙහිව බයිසිකල් චිරන්තලාගෙන් පොලිසියට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් හා කතෝලික විභාවනයෙහි සභාපති චිරන්ත ආර්. ඇන්තනි සමරසිංහ මහතා කියයි.

MSCR2 670px 20 09 30

ඒ මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීමේ දී යට ගිය මූලික කරුණු කාරනා සම්බන්ධයෙන් ඊයේ (29) ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති පෞද්ගලික ලේකම් සමඟ හා ජනාධිපති කාර්යාලයේ අනෙකුත් සෙසු නිලධාරීන් සමඟ සිය සංවිධානය සාකච්ඡාවක් කළ බවයි.

මීට පෙර ඔහු පෙරේදා (28) පෙ.ව. 6.30 - 9.30 අතර කාලයේ දී මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල උපවාසයක්/විරෝධයක් කිරීමට සංවිධාය කර තිබූ අතර ජනාධිපති පෞද්ගලික ලේකම් සුදීශ්වර බණ්ඩාර මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව එය අත්හැරීමට තීරණය කළ බවට ද නිවේදනයක් නිකුත් කර තිබිණි.

ජනපති නිවස ආසන්නයේ පැවැත්වීමට ගිය විරෝධතාව අත්හැරි බවට චිරන්ත විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

MSCR1 670px 20 09 30

ජනපති නිවස ඉදිරිපට විරෝධතාවක් කරන බවට චිරන්ත නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

MSCR0 670px 20 09 30

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top