Sep 30, 2020

තැපෑලේ අවුරුද්දක පාඩුව බිලියන 6ක්

ශ්‍රී ලංකා තැපෑලට තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසයි.

තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණයෙන් එම ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා අවධාරණය කළේය.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 06ක පාඩුවක් ලබන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

මේ අතර ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිපුනතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවිමටත් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරිමටත් හඬ කවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශනයේදී අය කෙරෙන බදු නැවත සක්‍රිය කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top