Sep 30, 2020

රාජ්‍ය ඇමති සීතා iphone එකක් හා කුඩයක් ඉල්ලුවාද ?

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට හිමි ‘ජංගම දුරකතනය හා පරිගණකය ලබාගැනීම’ යන මැයෙන් ඇයගේ පෞද්ගලික ලේකම් මනුල පේරේරා මහතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට යැවූ බව කියන ලිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

එම ලිපිය හරහා අමාත්‍යවරිය වෙනුවෙන් iphone ජංගම දුරකතනය හා ipad පරිගණක යන්ත්‍රය, ඇයගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක් හා කුඩයක්, ඇයගේ පසු ගමන් ආරක්ෂක රථය සඳහා VIP ලයිට් ඉල්ලා තිබුණි.

සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අදාළ ලිපිය පහතින් දැක්වේ.

Seetha1 670px 20 09 30

මෙම ලිපිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවීමන් අනතුරුව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ප්‍රබෝද් උඩුගම මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

අදාළ නිවේනය පහතින් දැක්වේ.

Seetha2 670px 20 09 30

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top