Sep 30, 2020

රාජ්‍ය ආයතන රැසක් ලබන මාසයේදී COPE කමිටුවට

රාජ්‍ය ආයතන කිහිපයක් ලබන මාසය තුළ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

ඒ අනුව ලංකා ගල් අගුරු පෞද්ගලික සමාගමේ නිළධාරීන් ලබන අගහරුවාදා ද ලක්විජය ගල් අගුරු බලාගාරයේ නිළධාරීන් ලබන 08 වැනිදා ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ ව්‍යාපෘති කළමණාකරණ ඒකකය කෝප් කමිටුව හමුවට ගෙන්වා ඇත්තේ ලබන 20 වැනිදාය.ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, පරිසර අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතන කෝප් කමිටුව වෙත කැඳවා ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදාය.

පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනයේ නිළධාරීන් ලබන 23 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top