Sep 30, 2020

සජිත් ගෙ ජනහමුවට ගල් ගැසූ දෙන්නෙක් අත්අඩංගුවට

ඊයේ (29)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ පැවති ජනහමුවකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලින් අනතුරුව අමතරව ගල්කිස්ස පොලිසිය විසින් එක් සැකකරුවෙකු අද (30) අලුයමදී ගල්කිස්ස රෂ්ටම්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් සැකකරුවෙක් අද උදෑසන ගල්කිස්ස පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්ඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් 40ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, පොලිසිය පැවසුවේ මොවුන් දෙදෙනා බීමත්ව සිට ඇති බවය.

විපක්ෂනායකවරයා ජනහමුව අමතමින් සිටින අවස්ථාවේදී වේදිකාව දෙසට ප්‍රහාරය එල්ල වී තිබුණු අතර, එම ගල් ප්‍රහාරවලින් කිසිවෙකුටත් තුවාල සිදු වී තිබුණේ නැත.

කෙසේවෙතත්, මේ අවස්ථාවේදී දිගටම ජනහමුව අමතමින් ප්‍රේමදාස මහතා පවසා සිටියේ ගල්මුල් එල්ල වුවත් තමා බියනොවන බවයි.

"ගල් ගැහුවයි කියලා මම යන්නෙ නෑ... අපි හැමෝම දන්නවා මේ රත්මලානෙ දේශපාලනේ කවුද මෙහෙයවන්න... මදාවියොන්ට බයේ මම ඉන්නෙ නෑ. ඒ නිසා මම ඕනෙම දේකට ඔනෙම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි," යැයි ඔහු පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top