Oct 01, 2020

අයෝධ්‍යා මුස්ලිම් පල්ලිය වැනසීමේ චෝදනා ලද BJP නායකයන් නිදහස්!

අයෝධ්‍යා මුස්ලිම් පල්ලිය විනාශකර දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ඉහලම මට්ටමේ නායකයන් එම නඩුව විභාගකළ විශේෂ අධිකරණය විසින් මුදාහරිනු ලැබුණි.

අයෝධ්‍යා නගරයේ පිහිටා තිබුණ 16 සියවසට අයත් 'බාබ්රි' (Babri mosque) මුස්ලිම් පල්ලිය 1992 වසරේ දී විනාශකර දමන ලද අතර, භාරතීය ජනතා පක්ෂයේ නායකයකු සහ හිටපු නියෝජ්‍ය අගමැතිවරයකු වන එල් කේ අද්වානි, එම් එම් ජෝෂි සහ උමා භාරතී ඇතුළු නායකයෝ හින්දු ප්‍රහාරක කණ්ඩායම් පල්ලිය වැනසීම සඳහා කුපිත කරන ලද බවට තමන්ට එරෙහිව එල්ලවෙන චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව අධිකරණය ඉදිරියේ කියා සිටියහ.

එම හින්දු නායකයන් සහ වෙනත් හින්දු බැතිමතුන්ගේ විශ්වාසය වන්නේ 'බබ්රි'(Babri mosque) මුස්ලිම් පල්ලිය හින්දු පුදබිමක පිහිටා තිබුණ බවයි. 
පල්ලිය විනාශකරනු ලැබීමත් සමඟ පැතිරගිය ප්‍රචණ්ඩ ප්‍රහාර හේතුවෙන් දෙදහසක පමණ ජීවිත විනාශයක් වාර්තා විය.

අයෝධ්‍යා පල්ලිය වැනසීම ඉන්දියාවේ දක්ෂිණාංශික හින්දු ජාතිකවාදයේ නැගීම අතින් තීරණාත්මක සන්ධිස්ථානයක් විය

ඉන්දීය ආණ්ඩුවේ ෆෙඩරල් ආයතනයක් සහ ස්වාධීන කොමිෂන් සභාවක් විසින් සිදුකරන ලද පරීක්ෂණවල දී හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ කලින් සිටි ඉහලම නායකයන් රාශියකගේ නම් අයෝධ්‍යා ප්‍රහාරය සමඟ ගෑවී ඇතිබව හෙළිදරව් විය. අතල් බිහාරි වජ්පායි 2018 වසරේ දී මරණයට පත්ව ඇත.

එම පරීක්ෂණවලින් අනතුරුව එකී අපරාධය සම්බන්ධයෙන් 49 දෙනකුට එරෙහිව 1993 දී නඩු පවරන ලදි. එල් කේ අද්වානි, එම් එම් ජෝෂි සහ උමා භාරති ඇතුළු නායකයන් රැසක් එම චුදිතයන් අතර වූහ. චුදිතයන් අතරින් දාහත්දෙනෙක් මේවනවිට ජීවතුන් අතර නොමැත.

දීර්ඝ කාලයක් දිග්ගැසෙමින් තිබුණ නඩු විභාගය අවසානයේ, මෙම සැප්තැම්බර් 30 බදාදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ විශේෂ අධිකරණයේ නිගමනය වුනේ සියළු චුදිතයන් ඔවුන්ට එරෙහි චෝදනාවලට නිවැරදිකරුවන් වන බවය.

භාරතීය ජනතා පක්ෂයේ චුදිත නායකයන් තිඅයෝධ්‍යා මුස්ලිම් පල්ලිය වැනසීමේ චෝදනා ලද BJP නායකයන් නිදහස්!දෙනා අධිකරණ භූමියේ නොසිටි අතර ඔවුන් තීන්දුව ශ්‍රවනය කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. මාධ්‍යවේදීන්ට ද අධිකරණ භූමියට පිවිසීමට අවසර නොලැබුණි.

එම නඩු තීන්දුව ඓතිහාසික එකක් මෙන්ම මතභේදයට තුඩු දෙන්නකි. කෝටි විස්සක් පමණ වූ ඉන්දීය මුස්ලිම් ප්‍රජාව අතර පවතින තමන් සමාජයෙන් කොන්කෙරෙන බවට ඇති අදහසට ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් මතුවෙන අසතුටුදායක හැඟීම් ද එක්වෙන හැඩක් පවතින බව දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.

(බීබීසී සංදේශය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top