Oct 01, 2020

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්   Featured

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සමග ඊයේ (30) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරයා, දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නතර කර, සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නැයි උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top