Oct 02, 2020

පිල්ලෙයාන්ගේ තනතුරට අධිකරණය හරහට හිටියි!

අධිකරණයෙන් නියෝගයක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී කර විය නොහැකි බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා කියා සිටී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස පසුගිය අගෝස්තු 10 වැනිදා පත්තින් ලබාදී තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහු මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් කළත් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඔහුට ඒ සඳහා සහභාගිවීමේ නීතිමය බාධාවක් ඒ අනුව මතුව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top