Connect with us

පුවත්

හරීන් ඉන්දියාව ගැන දෙසද්දී රනිල්, රාජපක්ෂ හා විපක්ෂයේ දත කට පූට්ටු වෙලා!

Published

on

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.

ඒ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය

මෙරට ගුවන්තොටුපළවල සහ වරායවල් ආදී සියල්ලම ඉන්දියාවට දෙන්නේ යැයි ඔහු එහිදී අදහස් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළ‍ේය.

ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි පැවසීම නිවට සහ නියාලු ක්‍රියාවත් බවත් එම බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ‘රටේ ස්වෛරීත්වය රැක්කේ අපි’ කියා පවසන රාජපක්ෂවරු, විපක්ෂ නායකවරයා ඇතුළු බලයට ඉව අල්ලන විපක්ෂයේ අනෙකුත් කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන සිටිනා බවත් වීරවංශ මහතා සඳහන් කළේය.  

”ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ ලෙස එළාගෙන යනවාද? එයට මේ ආණ්ඩුව සහ බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කොතරම් දුරට අවනත වී තිබෙනවාද?” යන්න එම ප්‍රකාශයෙන් පැහැදිළි වන බව ද කී ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න  ”හොඳම වෙලාව” ඇවිත් යැයි ඔවුන් සිතන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයෙකු යම් රටකට ගිහින් තමන්ගේ රට ඒ රටේ කොටසක් කියා කරන ප්‍රකාශය බරපතළ නැද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න සදාචාරාත්මක හා නෛතික බලයක් ඔහුට තිබෙනවාද? පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන විට රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරකින බවට දිවුරුම් දෙන බවත් එය උල්ලංඝනය කරන්න කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නොමැති බවත් වීරවංශ මහතා පැවසීය.

පුවත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක්

Published

on

By

තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට දේශය පුවත්පතේ පළවූ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ, එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි.

එම සටහන පහතින්,

Continue Reading

පුවත්

ගුවන්තොටුපල සතු අලුත් කැබ් 5ක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට සේවක විරෝධය

Published

on

By

ගුවන්තොටුපළ සාමාගම සතු නවීන කැබ් රථ පහක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගෙන ඒ  වෙනුවට අමාත්‍යංශය සතුව ඇති පරණ කැබ් රථ පහක් ලබා දීමට ගෙන ඇති තීරණයට එහි සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මහා මාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට යන්නේ WP PI 3785, 3797, WP PJ 2241, 2231, 2229 කැබ් රථ පහයි.

ගුවන් තොටුපළ සමාගමේ නිළධාරින් පෙන්වාදෙන්නේ රටපුරා ඇති ගුවන් තොටුපළවලට රාජකාරි කටයුතු සදහා යොදා ගත් වාහන මෙසේ අමාත්‍යංශයට ලබා ගැනීමෙන් රාජකාරි සදහා යන ගමන් වලට බාධා සිදුවන බවයි.

මත්තල, මඩකළපුව, යාපනය ආදි පිහිටි ගුවන් තොටුපළවල රාජකාරි සදහා මෙම වාහන නිලදාරින් විසින් භාවිතා කර ඇති බවද පැවසේ.

මෙසේ පවරා ගන්නා වාහන වාහන නොමැත් මැති ඇතිවරුන්ට ලබා දිමට සැලසුම් කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

Continue Reading

පුවත්

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

Published

on

By

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved