Oct 10, 2020

කොරෝනා රෝගීන්ට ඇඳන් මදිවෙයි!

Covid-19 රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් ඔවුන්ට අවශ්‍ය වන රෝහල් ඇඳන් සැපයීමේ ගැටලුවක් මතුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බව ඔහු “දේශය” පුවත්පත වෙත පවසා තිබේ.

මෙම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක තොරතුරු මේ වන විට හෙළිවෙමින් පවතින බවද සුදත් සමරවීර මහතා හෙළිකර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top