Oct 10, 2020

ජාතික රෝහලේ 3කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.

ඒ හේතුවෙන් ඔවුන් සේවය කළ බව කියන අංක 2, අංක 3 සහ අංක 69 යන වාට්ටුද, ශල්‍යාගාරයක්ද තාවකාලිකව වසා දමා තිබේ.

එම වාට්ටුවල සහ ශල්‍යාගාරයේ සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයද, රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top