Oct 11, 2020

බ්‍රැන්ඩික්ස් Covid-19 පොකුර 1,307ක් වෙයි (Update)

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ පොකුරට සම්බන්ධ Covid-19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 60 ක් වාර්තා වී ඇත.

එයින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අතර සෙසු 12 ඇගළුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ පළමු ආශ්‍රිතයින් වේ.

මේ අනුව මෙම Covid-19 පොකුර අද (11) ප.ව. 09.10 වන විට 1,307ක් දක්වා වැඩිවී තිබේ.

------- (අවසන් යවත්කාලීන කිරීම - Sunday, 11 October 2020 20:10)

දිවුලපිටිය පොකුර තව 61කින් වැඩිවෙයි

දිවුලපිටිය ආශ්‍රිතව වාර්තා වූ Covid-19 පොකුර තවත් 61 දෙනෙකුගෙන් වැඩිවී තිබේ.

අද (11) ප.වත 6.55 වන විට මෙම රෝගීන් ගණන වාර්තා වී ඇති අතර, ඉන් විසිදෙදෙනෙකු ආශ්‍රිතයන් වේ.

මේ වනවිට එම පොකුර 1,247ක් දක්වා වැඩිවී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top