Oct 12, 2020

බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල සේවීම අත්හරියි: අලුත් තියරියක් එයි: එක රෝගියකුගෙන් 522ක්! Featured

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත කොරෝනා පොකුර පළමු සහ දෙවැනි ආශ්‍රිතයන් දක්වා විහිදී ගොස් ඇති බව පෙනී යන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

මෙම අවස්ථාවේදී මිනුවන්ගොඩ කොරෝනා වෛරස පොකුරේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් හඳුනා ගැනීමට හැකියාවක් නැති වුවද, දැන් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඊළඟට මෙම වෛරසයට ගොදුරු විය හැක්කේ කවුරුන්ද යන්න කෙරෙහි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

එක් කොරෝනා ආසාදිතයකු හරහා 522ක් වැනි පිරිසකට වෛරසය පැතිරිය හැකි බවත්, වෛරසය සමාජගත වී ඇති බවට තවම නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් යුද හමුදාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

වෛරසය සමාජගත වීම රැඳී පවතින්නේ ජනතාවගේ හැසිරීම මත බව ද හෙතෙම පෙන්වා දෙයි.

හමුදාපතිවරයා මේ කරුණු අනාවරණය කළේ එක්තරා රූපවාහිනි වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.

(දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top