Oct 13, 2020

පසුගිය කාලයේ ලංකාවේ මහා මාර්ගවලට රු. ට්‍රිලියන 1.6ක් වියදම් කරලා! Featured

වසර 2007 සිට 2020 දක්වා දහතුන් වසරක කාලය තුළ මෙරට පාලනය කළ රජයන් විසින් මහාමාර්ග අංශයට රුපියල් ට්‍රිලියන 1.6 ක් පමණ වැය කර ඇතැයි වාර්තා වේ.

මහාමාර්ග අමාත්‍යාංශයේ නවතම කාර්යසාධන වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබේ.

එම වාර්තාව පෙන්වා දෙන්නේ වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම්කර ඇත්තේ 2017 දී බවයි.

මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ 2019 කාර්යසාධන වාර්තාව මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි දැක්වෙන පරිදි මහාමාර්ග, ජාතික මහාමාර්ග සහ ගුවන් පාලම් සහ ජාතික මහාමාර්ගවල පාලම් සඳහා මෙම මුදල් වියදම් කර තිබේ.

මෙම වසර 13 තුළ අදාළ අමාත්‍යාංශයට වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ පසුගිය වසරේදීය (2019). එය රු. බිලියන 256.5 කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top