File Photo File Photo
Oct 13, 2020

කොම්පඤ්ඤවීදියේ සුපිරි නිවාස සංකිර්ණයක මහලක් හුදෙකලා කරයි

කොම්පඤ්ඤ විදිය යූනියන් පෙදෙසේ පිහිටි 302 සුපිරි නිවාස සංකීර්ණය 24 වැනි මහල හුදෙකලා කර ඇතැයි වාර්තා වේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත පුද්ගලයකු හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එහි වෙසෙන කාන්තාවකට Covid-19 වෛරසය අසාදනය වී ඇති අතර ආසාදිත කාන්තාව සපුගස්කන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගේ බිරිඳක බවද පැවසේ.

ඇය මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

සපුගස්කන්දේ පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාවේ සේවය කරන තිස් දෙනකු පමණ පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top