Oct 13, 2020

ඇමති විදුරට "අපේ ගම" නැති වෙයි ! Featured

ජාතික උරුම ප්‍රසංග කලා හා ‍ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා යටතේ පැවැති බත්තරමුල්ලේ පිහිටි "අපේ ගම” ඒ මහතාගේ විශය පථයෙන් ඉවත්කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් එය ඉවත් කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අපේ ගම ආයතනයෙන් කළ විමසීමකදී වික්‍රමනායක මහතාගෙන් ඉවත් කළ අපේ ගම කර්මාන්ත අමාත්‍යංශය යටතට පත්කර ඇති බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගෙන් දුරකථනය ඔස්සේ අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ “අපේ ගම” ජාතික උරුම ප්‍රසංග කලා හා ‍ග්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර ඇති බවයි.

කෙසේවුවද, එය කුමන අමාත්‍යංශයට පවරා ඇත්දැයි තමා නොදන්නා බවද ඔහු කියා සිටියේය.

මේ අතර, ඉදිරියේදී ඒ මහතා යටතේ දැනට පවතින නෙළුම් පොකුණ රඟහලද ඉවත් කිරීමට සැලැසුමක් ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top